ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා ‘පොදු අපේක්ෂක’ලෙස තේරීපත්වෙද්දී ප්‍රකාශ කර
සිටියේ වල්වැදී ඇති නීතිය හා සමාජ සාධාරණත්වය යළි ස්ථාපිත කරන බවය.
ප්‍රජාතන්ත්‍රවාදය නැවත දිනාදෙන බවය.ඉක්බිතිව එළඹි මහ මැතිවරණයෙන් ඊනියා
යහපාලන ආණ්ඩුව ගොඩනඟන විටත් ජනාධිපතිවරයාද,අගමැතිවරයාද පුන පුනා කියා
සිටියේ මෙකී සූත්‍රයමය.එහෙත් රාජපක්ෂකරණය වූ නීතිය හා මෙරට අධිකරණ පද්ධතිය
එකී දෘෂ්ටිවාදයෙන් ගලවා ගැනීමට අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා විසින් ක්‍රියා
කර ඇත්ද? පිළිතුර ‘නැත’ යන්නය.වඩා භයානක වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයාද
එකී දෘෂ්ටිවාදයේම ගොදුරු බවට පත්වීමය.
බලය
බෙදීමට එරෙහි ඒකීය ශ්‍රී ලංකාව දිවි පරදුවට තබා රකින බවට පපුවට ගසා
ගන්නවුන් එකී ඒකීය රට තුළ දෙමළ ජාතිකයා ද නියෝජනය වන බැව් අමතක කරයි.
‘නීතිය සැමට සාධාරණ’යයි කියනවිට ඒ ‘සැම’තුළ ද්‍රවිඩයා ද සිටින බැව්
නොඅදහයි. දේශපාලන බලය බෙදාගැනීම/නොගැනීම යන කාරණය පසෙක තිබියදී ජන වර්ගය හෝ
ආගම කුමක් වුවද අපරාධකරුවෙකුට දඬුවම්දීම යන කාරණයේදී හෝ එකඟත්වයක්
පවත්වාගැනීමට අපොහොසත්වීම පිළිබඳ ජාතියක් ලෙස අප කනගාටුවිය යුතුය.
නීතිය
හෝ රටේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය දැනටමත් කඩවී
තිබේ.වසර ගණනාවක් තිස්සේ බිඳවැටී නාය ගොස් පවත්නා හර පද්ධතියක් එක
රැයින්,දවසකින් හෝ දෙකකින් යළි ගොඩනැඟිය හැකි නොවේ.එය අප සියලුදෙනා දත්
සත්‍යයි. එහෙත් කළ යුත්තේ තව දුරටත් එම බිඳ වැටීමට රුකුල් දී අරාජිකත්වය
කරා යන ගමනක කොටස්කරුවන්වීම වෙනුවට ජනතා විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් තහවුරු
කරමින් නීතියේ අධිපත්‍ය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් එක් පියවරක් හෝ
ඉදිරියට තැබීමය.ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කිසිදු වගකිව යුත්තෙකු ඒ
වෙනුවෙන් ඉදිරිපත්වන බවක් පෙනෙන්නට නැත.රාජපක්ෂලා වැපිරුව බීජ තව දුරටත්
අතු රිකිලි දමා වැඩෙමින් පවතින්නේ ඒ නිසාමය. මෑත කාලයේ අධිකරණයෙන් ලබාදුන්
තීන්දු දෙකක් කෙරෙහි අවධානය යොමුකරන විට පසක් වන්නේද මෙකී සත්‍යමය.
ජාතික ප්‍රශ්නයේදී ගත යුතු දේශපාලන ප්‍රවේශය සම්බන්ධයෙන් උතුරේ ද්‍රවිඩයාගේ හඬ දකුණේ සිංහලයාට ‘තේරෙන භාෂාවෙන්’ගෙන ආ නඩරාජා රවි රාජ් මරා දැමුවේ මෙයට වසර 10 කට පෙරය. කොළඹ ජනාකීර්ණ වීදියකදි එලෙස සහාසික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමට තරම් ඝාතකයින් එඩිතර වී තිබුණි. ඒ අන් කිසිවක් නිසා නොව ආණ්ඩුවේ ආරක්ෂක අංශයන්ගේ දැඩි සහයෝගය ඔවුන් ලද බැවිනි. අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒමටත්,ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමටත් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරන්නට සිදුවිය.ඒ අනුව පැවති රජය යටතේ රවි රාජ්ට යුක්තිය ඉටුවෙනු ඇතැයි තතු දත් කිසිවෙකුත් විශ්වාස නොකිරීම අහම්බයක් නොවේ.එහෙත් ඒ අවිශ්වාසය තවදුරටත් අපේක්ෂා කරන්නට සිදුවීම කෙතරම් අභාග්‍යයක්ද?

ඊනියා
යහපාලන ආණ්ඩුව බලය පත්වීමට පෙර රවි රාජ් ඝාතනය ට සම්බන්ධ පුදගලයන්
අත්අඩංගුවට ගෙන සාධාරණය ඉටු කරන බවට දැඩි ප්‍රතිඥා දෙන ලදී.ද්‍රවිඩ ජාතික
සන්ධානය විසින් ජනාධිපතිවරයාට සහය ලබාදීමේදීද,තම ගමන් සගයා අකාලයේ උදුරාගත්
අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදී සාධාරණත්වය ඉටුකරනු ඇතැයි උදක්ම
බලාපොරොත්තු තබන්නට ඇත.එහෙත් අතීතයේ සිදුකළ ජාතික අපරාධ ඒ අයුරින්ම ඉටුවීම
තබා වෙනසක සේයාවක් දක්නට නොලැබීම කෙතරම් අවාසනාවන්තද? ඇසින් දුටු සාක්ෂි
තිබියදී වුව රවි රාජ් ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා නිදොස් කොට නිදහස්
කෙරිණි.මෙම සැකකරුවන් සියලුදෙනා හමුදා බුද්ධි අංශයට හෝ රාජපක්ෂකරණය වූ
කරුණා අම්මාන්ගේ ත්‍රස්ත කල්ලියට හෝ අයත් වූවන්ය.
රවි
රාජ් ඝාතනයට අදාළව පැවති නඩු විභාගයේදී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත්
කෙරුණු බුද්ධි අංශයේ ලියනාරච්චිගේ අභයරත්න පොලිස් කොස්තාපල්වරයාගේ
සාක්ෂියකින් රවිරාජ් ඝාතනයට මැදිහත් වූ කරුණාගේ කණ්ඩායමට එවක ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂගෙන් කෝටි 5 ක මුදලක් ලැබුණු බවට වාර්තා පළවිය. එසේ නමුත්
ගෝඨාභයගෙන් සාක්ෂියක් සටහන් කර ගැනීමට හෝ ක්‍රියා කළ බවට පුවතක් වාර්තා
නොවිණි. එසේම ජනාධිපති ආරක්‍ෂක අංශයේ පොලිස් රියැදුරකු ලෙස කටයුතු කළ
ප්‍රීති විරාජ් මනම්පේරි නමැති පොලිස් නිලධාරියා මෙම ඝාතනය ඇසින් දුටුවෙකු
ලෙස සාක්කි දෙමින් විත්තිකරුවෙකු වූ ගාමිණී සෙනවිරත්න නමැති නාවික හමුදා
නිලධාරියා වෙඩි තබනු බව තමන් දුටුවේ යයි කියා තිබිණි. එහෙත් ගෞරවනීය ජූරි
සභාව විසින් මොවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වූ නීතිඥ පාර්ලිමේන්තු
මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේ නඩු තීන්දුව සම්බන්ධයෙන්
සෑහීමකට පත් නොවන බවයි.
1996
පෙබරවාරි 11 වැනිදා කුමාරපුරම් ගම්මානයේ ජීවත් වූ සාමකාමී සිවිල් වැසියන්
24 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළවද යුක්තිය ඉටු නොවිණි.
කුමාරපුරම් ගම්වාසීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා තිබුණු නඩුව ප්‍රථමයෙන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වූ අතර ඉන්පසුව ත්‍රිකුණාමලය මහාධිකරණයේත්, පසුව අනුරාධපුර උතුරමැද පළාත්බද මහාධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේත් විභාග කෙරිණි.
මූතූර්, දෙහිවත්ත හමුදා කඳවුරේ මෙම සිදුවීම වූ කාලයේ සේවය කළ හමුදා නිලධාරීන් අටදෙනෙකුට කාලයක් තිස්සේ මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා 101ක් ගොනුකර තිබුණු අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබේ. 2016 ජූලි 27 වැනිදා නඩුවේ තීන්දුව ලබාදෙමින් ඉතිරි හමුදා නිලධාරීන් හයදෙනා අනුරාධපුර මහාධි කරණයේ ජූරිය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.උතුරු මැද පළාත්බද මහාධිකරණ ඉතිහාසයේ නඩුවකට අදාළ විත්තිකරුවන්ට වැඩිම අධිචෝදනා ප‍්‍රමාණයක් එල්ල වී තිබූ නඩුවද මෙයයි.

මෙම
නඩුවේ නඩු භාණ්ඩ ලෙස ටී 56 ස්වයංක‍්‍රිය ගිනි අවි 5 ක්,සහ එම උණ්ඩ රහිත
මැගසින් 5 ක්, ටී 56 එල්.එමි.ජී. ගිනි අවි දෙකක්, එම උණ්ඩ රහිත ඩ‍්‍රමිස් 2
ක්, මූනිස්සමි කැබිලි, හිස් පතොරොමි කොපු 20 ක්, වෙඩි තබන ලද උන්ඩයක කොටස්
දෙකක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා යොදන හිස් කොපු 4 ක්, ටී 56 ජීව
පතොරොමි 1 ක්, 7,62 වර්ගයේ හිස් පතොරෙමි කොපු 48 ක්, දෙහිවත්ත යුද්ධ හමුදා
කඳවුරට අයත් නිළධාරින්ට නිකුත් කර ඇති වෙඩි ද්‍රව්‍ය පිළිබද ලේඛණය, පශ්චාත්
මරණ පරික්ෂණ වාර්තා 24 ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25 ක් සහ රජයේ රස
පරික්ෂකවරයාගේ වාර්තාවක්, ඇතුළු භාණ්ඩ නවයක් නීතිපතිවරයා විසින් නම් කරනු
ලැබ තිබුණි.නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිළධාරින්, විශේෂඥ අධිකරණ
වෛදවරුන්, වෛද්‍යවරුන්, රාජ්‍ය නිළධාරින් සහ සිවිල් වැසියන් ඇතුළු 107
දෙනෙකු නම් කරනු ලැබ සිටින ලදී.
අද
වනවිට නඩු විභාගය අවසන්ය.විරෝධතා සමහන්ය.එහෙත් කුමාර්පුරම් වැසියන්ගේ
ඝාතකයින්ද, රවි රාජ්ගේ ඝාතකයින්ද නිදැල්ලේය.ඉදින් අප පැතූ වෙනස සාක්ෂාත් වී
ඇත්ද?
-ප්‍රියාන් -